Friday, April 19, 2024

General line - 0115112241

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්.

වසර 25කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මෙම ධුරයට පත්කරන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළා.

වෝහාරික විද්‍යාව පිළිබඳ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඇති ඔහු ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වනවා.

ශ‍්‍රී ලංකාවේ නීතිමය කි‍්‍රයාවලිය සඳහා ඞී.එන්.ඒ. සහ දුරකථන සාක්ෂි හඳුන්වා දීමට ද සරත් ජයමාන්න මූලික වී කටයුතු කළා.

14980666_10154542667051327_5620085076403072195_n-1