Thursday, March 28, 2024

General line - 0115112241

ට්‍රම්ප්ට ඕනෑ අපේ මැකොයි පොලීසියයිලු!




ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් අභියෝගයට ලක්කරමින් එරට අධිකරණයට මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් වීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අභියෝගයට ලක්කරමින් පවතින විරෝධතා සහ උද්ඝෝෂණවල අවසන් ප්‍රතිඵලය එය විය හැකි බවයි.

නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට නගර කිහිපයක මේ වන විට විරෝධතා ඇතිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන් මැතිවරණ කොමසාරිස්වරයා පිළිබඳව සහ පොලිසිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනතාව වැඩි තැකීමක් නොකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම පොලිසිය සෘජුව සිටින බවත් ඇමරිකාවේ එවන් තත්වයක් නොවන්නේ මෙතෙක් කාලයක් ලබාදුන් ප්‍රතිඵල ඔවුන් පිළිගත් නිසා බවත් ප්‍රතිභා මහනාම හේවා පැවසුවා.

මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඉදිරි මාස කිහිපය ඇතුළත අමෙරිකාව උඩුයටිකුරු විය හැකි බවද ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා පෙන්වා දුන්නා.

gettyimages-622089650_custom-6b10c85e55da3845ca4d387f39f025c78f8b02c5-s1000-c85-2 new-york-city