Friday, March 29, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය ගැන චිත‍්‍ර දෙකෙන් තොරතුරු මතුවෙයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු රැසක් ලැබී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකුගේ රුව චිත‍්‍රයට නගා ඉකුත් දා මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

එහි තොරතුරු පදනම් කර ගනිමින් එම චිත‍්‍රවලට සමාන බව කියන පුද්ගලයින් 06 දෙනෙකු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මාධ්‍යට නිකුත් කෙරුණු දළ සටහන්වල සිටින එක් සැකකරුවෙකුගේ වයස අවුරුදු 35 ක් පමණ වන අතර අනෙක් සැකකරුගේ වයස අවුරුදු 45 ක් පමණ වනවා.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසි දෙනෙකුගෙන් දැනටමත් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන අවසන්.