Friday, April 26, 2024

General line - 0115112241

නිෂා බිස්වාල් ශ‍්‍රී ලංකාවේ සංචාරයක




දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය මේ සතියේදී ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

එහිදී ඇය මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයන්ද හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ නිෂා බිස්වාල් මහත්මිය මෙහිදී සාකච්ඡා කරනු ඇති.

ඇය සමග දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප‍්‍රිට් සිං මහතාද ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

නිෂා බිස්වාල් මහත්මිය මෙරටට පැමිණීමට පෙර බංග්ලාදේශයේ ද සංචාරයක නිරත වනවා.