Friday, April 19, 2024

General line - 0115112241

තරගයේ වීරයා තිසර පෙරේරා




බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඔහු මෙම තරගාවලියට එක්වන්නේ බරිසල් බුල්ස් කණ්ඩායම නියෝජනය කරමින්.

ඊයේ පැවති තරගයේ දී බරිසල් බුල්ස් කණ්ඩායම කොමීලා වික්ටෝරියන්ස් කණ්ඩායම කඩුලූ හයකින් පරාජය කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමීලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ අටක් දැවී රැස්කර ගත්තේ ලකුණු 129 ක් පමණයි.

තිසර පෙරේරා ලකුණු විස්සකට එක් කඩුල්ලක් දවා ගත්තා.

බරීසල් බුල්ස් කණ්ඩායම තරගය ජයගත්තේ කඩුලූ හතරක් පමණක් දැවී ලකුණු 130 ක් ලබා ගනිමින්.

තිසර පෙරේරා පන්දුව විස්සක දී නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා.