Saturday, April 20, 2024

General line - 0115112241

කාබන් බද්ද ගැන තොරතුරු මෙන්න




මෙවර අයවැයෙන් හඳුන්වාදුන් කාබන් බද්ද පිළිබඳව බොහෝ දෙනාට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති බව පැහැදිලිවී තිබෙනවා.

මේ සඳහා අදාළ ගාස්තු ඉදිරියේ දී ප්‍රසිද්ධියට පත් කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා නෙත් නිව්ස් කළ කරුණු විමසීමක දී සඳහන් කළේ.

කෙසේ වෙතත් විද්‍යුත් වාහන සඳහා කාබන් බද්ද අදාළ නොවන බවයි මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මීට පෙර පනවා තිබූ දුම් බද්ද මේ සමග අහෝසි වන බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙහි දී කියා සිටියා.