Saturday, April 20, 2024

General line - 0115112241

හිලරි පරාජයට හේතු කියයි




තමන් ජනාධිපතිවරණයෙන් ලද පරාජයට එෆ්. බී. අයි. රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂවරයා ඍජුවම වගකිව යුතු බව හිලරි ක්ලින්ටන් පවසනවා.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහළ පෙලේ ආධාරකරුවන් සමග සිදු කළ දුරකතන සංවාදයකදී ඇය මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

හිලරි ක්ලින්ටන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියව සිටිය දී සිදු කළ ඊමේල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණ වේදිකාවේ දී දිගින් දිගටම විවේචන එල්ල වුණා.

එසේ තිබිය දී එම ඊමේල් ගනුදෙනු සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් සිදු කරන බවට එෆ්. බී. අයි. රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂවරයා ප‍්‍රසිද්ධ නිවේදනයක් ද නිකුත් කළා.

මේ නිසා තමන් කෙරෙහි පැවති මහජන විශ්වාසය යම් පමණකට පලුදු වූ බවයි හිලරි ක්ලින්ටන්ගේ අදහස වී තිබෙන්නේ.

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී අදාළ චෝදනාවලින් තමන් නිදහස් කෙරුණු බව ද ඇය සිහිපත් කරනවා.