Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්ත ක්‍රීඩිකාවෝ ජය ලබති




ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග ඊයේ (12) පැවති එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 122 කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර පනහේ දී සියලු දෙනා දැවී ලකුණු 295 ක් රැස්කර ගත්තා.

ඊට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම රැස්කර ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 173 ක් පමණයි.