Tuesday, April 23, 2024

General line - 0115112241

බැලුම්ගලින් හෙළි කළ ගාල්ලේ නුගසෙවනට එරෙහිව විරෝධතා




ගාල්ල, උඩුගම ප‍්‍රදේශයේ පිහිටි නුගසෙවන ආරණ්‍ය නමින් හැඳින්වෙන ස්ථානයක සිදු කෙරෙන අකටයුතුකම් පිළිබද නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන මගින් සිදු කෙරුණු අනාවරණයෙන් පසු දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

මෙම ස්ථානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ පැවැත්වුයේ මහා සංඝරත්නයේ හා ප‍්‍රදේශයේ වෙළද ප‍්‍රජාවගේ සහභාගිත්වයෙන්.

එහිදී තීරණය වී ඇත්තේ මෙම ස්ථානයේ විවිධ අකටයුතුකම්වල යෙදෙන චීවරධාරියා ඉන් ඉවත් කළයුතු බවටයි. අදාළ සාකච්ඡාවට සහභාගි වූ ගාල්ල දිස්ති‍්‍රක් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සහකාර ලේඛකාධිකාරී පූජ්‍ය උඩුගම ඉන්ද්‍රජෝති හිමියන් නෙත් නිවුස් වෙත ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.

“අපි කිවුවා මෙතන මේ හාමුදුරුවො තියාගන්න බැහැ මොන හේතුවක් උඩවත්. මෙහි අයිතිය තියෙන්නේ ගල්දූව ආරණ්‍ය සේනාසනයට. ගල්දූව ආරණය සේනාසනයෙන් හාමුදුරුකෙනෙත් ඒකට පත්කරනවැයි කියන පොරොන්දුවත් අපට දුන්නා. කාන්තාවන් පිරිස මොනම හේතුවක් උඩවත් ඔය ස්ථානයේ රඳවගන්න බැහැ. ඔවුන් ඒ ස්ථානයෙන් ඉවත් කරනවා. ආයුර්වේද මධ්‍යස්ථානයක් විදිහට මෙය පවත්වාගෙන යා යුතුයි කියන තීරණවලට අපි ආවා”.

මෙම ස්ථානය පිළිබද නීතිය නිසියාකාරයෙන් කි‍්‍රයාත්මක නොවන අයුරක් පෙනෙන්නට ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

‘‘කකුලෙන් ඇඟ තෙරපන නුග සෙවණේ කළු මහතා’’ නමින් නෙත් එෆ්. එම්. බැලුම්ගල සිදුකළ අනාවරණය වීඩියෝ දර්ශන පහතින් බලන්න.