Thursday, April 18, 2024

General line - 0115112241

මන්ත‍්‍රීවරුන්ට වාහන කුලියට ගන්න කෝටි 243 ක් – අනුර




ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් නොවන මන්ත‍්‍රීවරුන් සඳහා වාහන කුළියට ගැනීමට වාර්ෂිකව රුපියල් හාරකෝටි විසි ලක්ෂයක් පමණ වැයවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අනාවරණ කළා. ඒ, ඊයේ (13) පස්වරුවේ කොළඹ පැවති විසිහත් වන ඉල් මහ විරු සමරුවේදීයි.

පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ සියලුම මන්ත‍්‍රීවරුන්ට වාහන කුළියට ගැනීම සඳහා වසර පහක දී රුපියල් කෝටි 243 ක් වැයවනු ඇති බවයි.

“නොවැම්බර් මාසේ පළවෙනිදා ජනතාවට වැට් එක ගහනවා. ඔක්තොම්බර් මාසේ 31 වෙනිදා තීරණයක් ගන්නවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු නොවිච්ච මන්ත්‍රීවරුන්ට රවී කරුණානායක කැබිනට් පත්‍රිකාවක් දානවා වාහනයක් ගන්න කුලී පදනමකට මාසික කුලිය පන්ලක්ෂ අනූදාහයි. වැට් එකත් එන්. බී. ටී එකත් එකතු වුනාම ලක්ෂ 7යි. කැබිනට් පත්‍රිකාව අනුව ගිවිසුම ගහනවා අවුරුදු 5කට. ඒ කියන්නේ එක වාහනයක් වෙනුවෙන් අවුරුදු පහේ කුලිය ලක්ෂ 420යි, මිලියන 42යි , හාරකෝටි විසිලක්ෂයයි. සියලුම වාහන වෙනුවෙන් කෝටි 243යි. රවී කරුණානායක වැට් එක ඉදිරිපත් කරනකොට අපි ඇහුවා වැට් ගහලා තමුන්නාන්සේ මේ අවුරුද්දේ කීයක් බලාපොරොත්තු වෙනවාද කියලා. කෝටි 180යි. නොවැම්බර් මාසේ 1වෙනිදා උපයාගන්නවා කෝටි 180ක් , ඔක්තොම්බර් මාසේ 31 වෙනිදා කෝටි 243ක් වෙන්කරගන්නවා වාහන කුලියට ගන්න”.

දැඩි කතාබහකට ලක්ව ඇති මන්ත‍්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂ පහක මාසික කුළියකට වාහන ලබාගැනීමේ තීරණය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා. මේ ඊට ප‍්‍රතිචාර දැක් වූ ගයන්ත කරුණාතිලක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්.

(වීඩියෝ BBC Sinhala – සංදේශය)