Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙත් දායකත්වයෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ විශ‍්‍රාම ශාලාව විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්




උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ අභාවයට ගොස් ඇති වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීමට උරදෙන නෙත් එෆ්. එම්. දිරිය නෙත් සමාජ සත්කාරය මේ වනවිටත් සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා.

එහි ප‍්‍රධාන සංධිස්ථානයක් සටහන් කරමින් ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ විශ‍්‍රාම ශාලාව විවෘත කිරීමට දැන් සියලු කටයුතු සූදානම්.

පොතුවිල් මුහුදු මහා විහාරයට එල්ල වී තිබූ විවිධ තර්ජන පිළිබද නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනෙන් පළමු වරට අනාවරණ කෙරුණා.

අනාවරණයෙන් පමණක් නොනැවතී මුහුදු මහා විහාරය යළි ගොඩ නැගීමටද නෙත් එෆ්. එම්. බැලුම්ගල පෙරමුණ ගත්තා.

මුහුදු මහා විහාරයේ විශ‍්‍රාම ශාලාව ඉදිකෙරුණේ ද ඒ යටතේයි. ඒ, දිරිය නෙත් සමාජ සත්කාරයට ඔබ දැක් වූ දායකත්වයෙන්.

ලබන 30 වනදා සිදු කෙරෙන මෙම පුණය කර්මය පිළිබද පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.