Friday, April 19, 2024

General line - 0115112241

උතුරට මූල්‍යාධාරයක්




මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය අධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන නවදහසක මුදලක් ලබා දීමට නියමිතයි.

මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඒ බව අනාවරණය කෙරුණා. එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 3000ක් ලබන දෙසැම්බර් මස පළමු සතියේ අදාළ දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත ලබාදෙනු ඇති.

එම ප‍්‍රතිපාදන මිරිදිය මත්ස්‍ය පොකුණු ඉදිකිරීම, මත්ස්‍ය පැටවු ලබා ගැනීම හා මත්ස්‍යයින්ට ආහාර සැපයීම වැනි කරුණු සඳහා යෙදවීමට අපේක්ෂිතයි.