Saturday, April 20, 2024

General line - 0115112241

අද තරඟය පැවැත්වෙන හරාරේ පිටියේ වසර 6කට පෙර සිංහ පිලට වෙච්ච දේ – සිංහ පිලේ බර කුලේගේ කරට!



ශ‍්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය අද (14) ආරම්භ වනවා. ඒ, සිම්බාබ්වේ හරාරේ ක‍්‍රීඩාංගණයේදීයි.

පළමු තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතරයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංගයි. එක්දින තරග 188 කට සහභාගී වී ඇති ඔහු කුමන හෝ ජාත්‍යන්තර තරගයක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන පළමු අවස්ථාව ද මෙයයි.

ක්‍රීඩා කළ පසුගිය තරඟ 5දී දෙරටම තරඟ එක බැගින් ජයගෙන ඇති අතර තරඟ 4ක් පරාජය වී තිබෙනවා.

සිම්බාබ්බේ කණ්ඩායම සමග එක්දින තරඟ 47කට ක්‍රීඩා කර ඉන් තරඟ39ක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්දින තරඟයක් ජයගනු ලැබුවේ මීට වසර 6කට පෙරදියි.එම ජයග්‍ර‍ණය ලැබුවේ අද තරඟය පැවැත්වෙන හරාරේ පිටියෙදී වීම විශේෂත්වයක් වන අතර එම කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 6දෙනෙකු අද තරඟය සඳහා ක්‍රීඩා කරනු ලබනවා.

කලකට පසු නුවන් කුලසේකරද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව ඇති අතර මෙය ඔහුගේ හතරවන සිම්බාබ්වේ සංචාරයයි.සිම්බාබ්වේහිදි ක්‍රීඩාකළ වැඩිම අත්දැකීම් සහිත ශ්‍රීලාංකික ක්‍රීඩකයාද ඔහු වනවා.