Saturday, April 20, 2024

General line - 0115112241

සුදු රෙද්ද කහ කළාට මහින්ද චෝදනා කරයි




සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කෙරෙන නව ක‍්‍රියා පිළිවෙතක් පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කළා. ඒ, වැලිගම ගරාඬුව විහාරස්ථානයේ පැවති උත්සවයකදීයි.

“මම පහුගිය දවසක දැක්කා සිරකරුවන් පිරිසක් අරන් යනවා හඳුනාගැනීමේ පෙරට්ටුවකට. මේ අරන් යන සිරකරුවන් මම හිතුවෙ මුලින්ම දැක්කගමන් හාමුදුරුවරු පිරිසක් කියලා. බලනකොට හාමුදුරුවරු නෙමෙයි. ඒ අරන් ගිහිල්ලා තියෙන්නේ සිරකරුවො, සැකකාරයෝ හඳුනාගැනීමේ පෙරට්ටුවකට.

සුදුවෙන් වහලා තියාගෙන තමයි ඉස්සර ගෙනිච්චේ. අපි උසාවි යන කාලෙත්, මේ මෑතක් වෙනකනුත් ගියේ සුදු රෙද්දකින් වහගෙන. දැන් ඒක කහපාට රෙද්දකින් වහගෙන යන්න කටයුතු කරලා තියෙනවා මහනායක හාමුදුරුවනේ. ඉතිං අපිට ඒකෙන්ම පේනවා කොහාටද මේ හරකා හැරෙන්නේ කියලා. මේවා පිළිබඳව ජනාධිපතිවරයගේ අවධානය අපි යොමුකරවන්න ඕනේ. මේ තත්ත්වෙට අපේ රට පත්වෙලා”.

පස් දෙනෙකුට මරු කැඳවමින් මට්ටක්කුළිය ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්, විශේෂිත ඇඳුමකින් සරසා ඉකුත් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ රජයේ නව ක‍්‍රමවේදය යටතේයි.