Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ඇරඹෙයි




ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ඇරඹෙයි

ශ‍්‍රී ලංකාව හා සිමිබාබ්වේ අතර පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ‍්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

කාසියේ වාසිය දිනාගනු ලැබූවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග විසින්. අසේල ගුණරත්න ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකර ගත්තා.

නුවන් කුලසේකර ඉකුත් ජනවාරී මාසයට පසු පළමු වරට අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනවා.

මේ අතර අද තරගයේ දී සිම්බාබ්වේ ප‍්‍රබල තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු වන හැමිල්ටන් මසකට්සා ඉවත් කර තිබීම ද විශේෂත්වයක්.

ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ නවක ක‍්‍රීඩක කාල් මුම්බායි. මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරගයයි.

පළමුව පන්දුවට පහරදෙන සිමිබාබ්වේ කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 14 ලබාගෙන සිටිනවා.