Friday, April 26, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩල කණ්ඩායමත් අවසන් මහා තරගයට (UPDATE)




මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීග් වටයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම අද (15) සමත් වුණා.

ඒ, ගුවන් හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින්. තරගය පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදීයි.


බෝයගම සිරි පැරකුම් කණ්ඩායම අවසන් මහා තරගයට

(Nov 15, 2016 @ 07:28)

2016 මන්චි ජාතික වොලිබෝල් ශූරතා කාන්තා ආධුනික තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බෝයගම සිරි පැරකුම් කී‍්‍රඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඒ, මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරගවලින් ජයග‍්‍රහණ අත්කර ගනිමින්.

වට තුනට එකක් ලෙස කැෂුවලයින් කී‍්‍රඩා සමාජය පරාජය කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.

බෝයගම සිරි පැරකුම් කි‍්‍රඩා සමාජය විසින් පරාජය කළේ යුද හමුදා කණ්ඩායමයි.