Thursday, March 28, 2024

General line - 0115112241

ගැබිනි බිරිඳ පන පිටින් වළදැමූ යුද හමුදාවේ හිටපු කී‍්‍රඩා උපදේශකයෙකුට මරණ දඬුවම




සිය ගැබිනි බිරිඳට සිහිසුන්වන තුරු පහරදී පණ පිටින් වළදමා ඝාතනය කළ බව කියන යුද හමුදාවේ හිටපු කි‍්‍රඩා උපදේශකවරයෙකුට අද (15) මරණ දඬුවම නියම කෙරුණා. ඒ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ නියෝගයකට අනුවයි.

ඝාතනය කළ බිරිඳගේ සිරුර සැඟවූ බවටද මෙම පුද්ගලයාට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණා. ඔහු මහවිලච්චිය ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

2003 වසරේ මාර්තු මස පළමුවැනිදාත්, 31ත් වැනිදාත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව තිබුණා. ඝාතනය සිදුවූ සමයේ අනුරාධපුර මහේස්ත‍්‍රාත්වරයාව සිටි වත්මන් අම්පාර පළාත්බද මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංගද මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

ඔහුද මෙම නඩුවට අදාළව අනුරාධපුර මහාධිකරණයේදී සාක්ෂි ලබාදුන්නා. මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරු තමා ඉදිරියේ කළ පාපොච්චාරණයක් පිළිබඳ විනිසුරුවරයා සිය සාක්ෂිය ලබාදී තිබෙනවා.