Thursday, April 25, 2024

General line - 0115112241

අලුත් පොහොට්ටුවට වමේ පක්ෂත් එක් වෙයි




හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට වමේ පක්ෂ තීරණය කර ඇතැයි සමාජවාදී ජනතා පෙරමුණ අද (15) කැඳවූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කෙරුණා.

ඊට එක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ජී.එල් පීරිස් මහචාර්යතුමා සභාපතිතුමාවෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ. ඒ පක්ෂය එක්ක සම සමාජ පක්ෂය , කොමිනිස්ට් පක්ෂය , ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , දේශවිමුක්ති ජනතා පක්ෂය , මහජන පක්ෂය , සමාජවාදී පක්ෂ , අනෙකුත් පක්ෂ අපි ඉදිරි කාලයේදී සන්ධානගතවෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි ඒ පක්ෂයට සුබ පතන ගමන් අතරමංවෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මාර්ගයක් , නියම බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ගමන් අපි ඒ පක්ෂය එක්ක අත්වැල් බැඳගෙන මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියට යන බලවේගයක් මේ ආණ්ඩුව යන මේ ජනතා දේශදෝහී ගමනට විරුද්ධව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙනවා”.

අතරමං වී සිටින ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට නියම මාර්ගය වන්නේ නව පෙරමුණ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.