Friday, March 29, 2024

General line - 0115112241

අයවැය නිසා මුතුහෙට්ටිගමට ගමට යන්න බැරි ලු




අයවැය සම්බන්ධයෙන් අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා.

මහජන එක්සත් පෙරමුණ කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිම්න්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ලබන වසර කිසිසේත්ම සුබදායක නොවන බවයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පැවසුවේ අයවැය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

“මුදල් ඇමතිතුමා පැය 4ක් දේශනාකරලා ලබාදීපූ අයවැය අවසන් වුණාම අපි ගමට ආවම ජනතාව කියන්නේ කෝ සර් මුකුත් නැහැ කියලා. ලැබුනේ මොනවද කියලා අපෙන් අහනවා. අපිට දෙන්න උත්තරයක් නැහැ මම කිව්වේ මුදල් ඇමතිතුමා ගෙන්නන්නම් අපි ගමට, එතුමට ඔය ටික කියන්න කියලා.

අයවැය හදන්න කලින් ගමට ගියා නමුත් අයවැයෙන් පස්සේ ගමට යන්න බැරි තත්ත්වයක් තමයි අපිට උදාවෙලා තියෙන්නේ. අයවැය පිළිබඳව වැඩිකරපු දේවල් බරපතලයි අඩුකරපුවා එක බඩුමල්ලකට රුපියල් 155යි. වැඩිකරපුවා සාමාන්‍ය රියදුරෙකුගෙන් 2500යි . රුපියල් 100, 750, 1000 , 1500ට මුකුත් නැහැ සිල්ලර තිබිච්ච ඔක්කොම 2500ද ඉහළ ප්‍රතිශතයකට ගෙනල්ල තියෙනවා. දඩය ගෙවාගන්න බැරුව සිරගතවන ප්‍රමාණය වැඩිවේවී වෙන කිසිම දෙයක් සිද්ධවෙන්නේ නැහැ.

ඒ විතරක් නෙමෙයි බඩුමිල අඩුකරයි කියලා අපිට කෑකෝගහන්න බැහැ ඔක්කොම ඉවරයි ජල බිල්පත් ගාස්තුවෙන් ඒකත් බරපතලයි”.