Saturday, April 20, 2024

General line - 0115112241

කොදෙව්වන් ජය ගනී (UPDATE)




සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 62 කින් ජය ගැනීමට කොදෙව් පිළ සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165 ක් පමණයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6 ක් ලකුණු 79 ක් තුළ බිඳවැටුණා.

පසුව 7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සබඳතාවක් ගොඩනැගීමට සචිත් පතිරණ සහ ෂෙහාන් ජයසූරිය සමත් වුණා.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ සචිත් පතිරණ දැවී ගියේ ලකුණු 45ක් රැස්කරගෙන සිටියදීයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 227ක් රැස්කළා.


මුල මන්දගාමී වූ කොදෙව්වන් අග වේගවත් කරයි

(Nov 16, 2016 @ 17:05)

සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාවට එරෙහි තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 227 කට සීමා වුණා.

ඒ, පන්දුවාර 49 යි පන්දු 2 ක් තුළදීයි.

කෙසේ වෙතත් තරගයේ මුල් පන්දුවාර 30 පමණ වන තුරු මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරත වූ කොදෙව් පිතිකරුවන් අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් පිතිහරඹයක නිරත වුණා.

වේගවත් පිතිහරඹයක නිරත වූ රොමාන් පවෙල් පන්දු 29 කදී ලකුණු 44 ක් රැස්කළා. ඊට හයේ පහර 3 ක්ද ඇතුළත්.

ජොනතන් කාටර් ලකුණු 54ක් සහ ෂායි හෝප් ලකුණු 47 ක් රැස්කළා.

එහෙත් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් යළි තරගයට අවතීර්ණ වීමත් සමග කොදෙව් ඉනිම බිඳවැටුණා. පන්දු යැවීමේදී නුවන් කුලසේකර, සුරංග ලක්මාල් හා නුවන් ප‍්‍රදීප් කඩුලු 2 බැගින් බිඳහෙලුවා. සචිත් පතිරණ හා අසේල ගුණරත්න අතරේද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.


කොදෙව් පිලේ කඩුලු දෙකක් බිඳ වැටේ

(Nov 16, 2016 @ 14:35)

සිම්බාබ්වේහිදි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායම වෙත ලබාදිමටයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කළේ.

මේ වන විට කොදෙව් කණ්ඩායම පන්දු වාර 19 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 68 ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු හතේදීයි. දෙවන කඩුල්ල ලකුණු 27දී බිඳවැටුණා.