Friday, April 19, 2024

General line - 0115112241

මල්ටිලැක් වෙත අමෙරිකාවෙනුත් තත්ත්ව සහතිකයක්




මෙරට ප‍්‍රමුඛතම දේශීය තීන්ත නිෂ්පාදකයා මැක්සන්ස් පේන්ට් ලංකා නිෂ්පාදනය කරන මල්ටිලැක්, IPEN අමෙරිකා ආයතනය මගින් පිරිණමන (Lead Safe Paint) ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීම මෙරට ව්‍යවසාය හා ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන්හි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා.

පිලිකා කාරක විෂ රසායනයක් වන ඊයම් මූල ද්‍රව්‍ය සෞඛ්‍යට අහිතර නොවන ප‍්‍රශස්ථ මට්ටමක පවත්වාගනිමින් මිනිසාට හා පරිසරයට හිතෛශී නිෂ්පාදනයක් වන මල්ටිලැක් ලෝකයේ ප‍්‍රථමයෙන් Lead Safe Paint ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබු සමාගම් තුන අතර එක්වන එකම ශ‍්‍රී ලාංකීය තීන්ත නිෂ්පාදකයා වීමේ ගෞරවය හිමිකරගන්නවා.

දේශීය තීන්ත නිෂ්පාදන ප‍්‍රමිතීන්ට අනුව පවත්වාගත යුතු ඊයම් ප‍්‍රමාණය Solvent Base තීන්ත සඳහා 600 ppm හා Water Base තීන්ත සඳහා 90 චචප වුවත් සියලු මල්ටිලැක් නිෂ්පාදන 90 ppm වලට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට මැක්සන්ස් පේන්ට් ලංකා ආයතනයට හැකිව තිබෙනවා. මෙම නිෂ්පාදනයන්ගෙන් බෝහෝමයක කිසිඳු ආකාරයකින් ඊයම් අන්තර්ගත නොවන බවද මේ වන විට සනාත වී ඇත.

ප‍්‍රමිතියකින් තොරව තීන්ත වල අඩංගු වන ඊයම් සෞඛ්‍යට මෙන්ම පරිසයටත් ඉතා අහිතකරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හා ගැබිනි මාතාවන්ට ඊයම් අඩංගු තීන්ත වලින් දැඩි අහිකර බලපෑම් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වෙළදපලේ පවතින ප‍්‍රමිතියෙන් තොර තීන්ත නිෂ්පාදන වල පැවතිය හැකි මෙම අනතුර මල්ටිලැක් තීන්ත තුල නොමැති බව Lead Safe Paint ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් සනාත කර තිබෙනවා. වසර 35 ක් පුරාවට සිය සමාගම සමග සිටි  පාරිභෝගිකයින්ගේ විශ්වාසය මෙලෙස ජාත්‍යන්තරව සහතික කිරීම මැක්සන්ස් පේන්ට් ලංකා, ආයතනය ලැබූ විශිෂ්ඨ ජයග‍්‍රහනයක්.

අද වන විට විෂ රහිත නිෂ්පාදන දේශීය වශයෙන් මෙන්ම ගෝලීය මට්ටමින්ද ඇගයීමට ලක්වනවා. මිනිසාගේ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම මෙන්ම පරිසරයට විෂ රසායන මගින් සිදුවන හානි අවම කරගැනීම ගෝලීය අවශ්‍යතාවයක්ව පවතින මෙම යුගයේ මල්ටිලැක් Lead Safe Paint ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීම මානව ප‍්‍රජාව හා පාරිසරික සුරක්ෂාව තහවුරු කරමින් ලෝකයේ යහ පැවැත්ම උදෙසා මැක්සන්ස් පේන්ට් ලංකා ආයතනයේ දායකත්වයට ලැබුනු විශේෂ ඇගයීමක්.

සියයට සියයක්ම ශ‍්‍රී ලාංකීය වෙළඳනාමයක් වූ මල්ටිලැක් මෙම පියවර අරගෙන තිබෙන්නේ ජාතික අවශ්‍යතාවයට ද ප්‍රමුඛතාවය ලබා දෙමිනුයි. මෙම ජයග‍්‍රහනය සමගම මෙරට උරුමයන්ට නිසි වටිනාකමක් දෙමින් ඒවා විශ්වාසයෙන් යුතුව වැළඳගැනීමට පාරිභෝගින ප‍්‍රජාවට අවස්ථාව උදාවෙනවා.

මෙම සමාගමේ පළමු ප‍්‍රමුකතාව වන්නේ සිය පාරිභෝගිකයායි. දේශයටත් සෙසු ලෝකයාටත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා මල්ටිලැක් යොදුනක් ඉදිරියට පැමිණ සිටිනවා. ඒ සමගම අව්‍යාජ බලාපොරොත්තුව වන්නේ මෙරට සියලු තීන්ත නිෂ්පාදන මල්ටිලැක් හා සම මට්ටමට ඔසවා තැබීමයි.

මල්ටිලැක් ඇතුලු මැක්සන්ස් පේන්ට් ලංකා නිෂ්පාදන සදහා මෙවැනි ඇගයීමක් අත්කරගත හැකි වූයේ දේශිය හා ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික දිනාගනිමින් පියවරෙන් පියවර පැමිණි සාර්ථක ගමනේ ප‍්‍රථිපලයක් ලෙසයි. එම ගමනේදී මල්ටිලැක් ලබාගත් ප‍්‍රමිති හා තත්ත්ව සහතික අතර ISO 9001, SLS, විශිෂ්ට ව්‍යාපාර ජනාධිපති සම්මාන ඇතුලු විශිෂ්ට සම්මාන රැසක් ඇතුලත් වනවා.

එමෙන්ම ආසියා, යුරෝපා කලාපයන්හි තීන්ත නිෂ්පාදකයින් සමග දේශීය වෙළඳ පලේ උරෙනුර හිඳිමින් ශ‍්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ මල්ටිලැක් ඕස්ටෙ‍්‍රිලිියාව, ඉන්දියාව, මැලේෂියාව, මැදපෙරදිග, ෂීශෙල්ස්, වියට්නාමය, බුරුමය, පකිස්ථානය, කොංගෝ, මැඩගස්කාර් යන රටවලට සිය නිෂ්පාදන අපනයනය කරයි.

තීන්ත ක්‍ෂේත‍්‍රයෙන් ඔබ්බට ගිය ජාතික හා ජාත්‍යන්තර කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ නව නිර්මාණශීලී එලඹුම් ඇති කලහැකි මෙවැනි ජයග‍්‍රහනයක් මල්ටිලැක් වෙත දිනා දීමේ ගෞරවය එදා මෙදා තුර මල්ටිලැක් සමග සිටි සියලු පාරිභෝගිකයින්ට හිමි වනවා. පාරිභෝගික තෘප්තිය හා සුරක්ෂාවත්, පාරිසරික සමතුලිතතාවත්, දේශීය අභිමානයත් ප‍්‍රමුඛ කොටගනිමින් දිනෙන් දින වැඩිදියුනු වන සිය නිෂ්පාදන සමග ජාතික සංවර්ධනයට උරදෙන්නට එක්වන ලෙස මල්ටිලැක් තීන්ත නිෂ්පාදනය කරන මැක්සන්ස් පේන්ට් ලංකා ආයතනය සමස්ථ ශී‍්‍ර ලාංකීය ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටී.