Saturday, April 20, 2024

General line - 0115112241

1700 කට අද ද්විත්ව පුරවැසිභාවය




වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් දස දහසකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසනවා. එහිදී මසකට 1500 ක පමණ පිරිසකට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර ඇති බවද සඳහන් කළා.

අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ තවත් පුද්ගලයින් එක්දහස් හත්සියයකට අද (11) දිනයේ ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන බවයි. එස්.බී. නාවින්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා අනුගමනය කරන වර්තමාන ක‍්‍රමවේදය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගෙන් විමසා සිටියා. එහිදී හෙතෙම සඳහන් කළේ ලංකාවෙන් පිටවී යළි ලංකාවට පැමිණීමට නොහැකි ශ්‍රී ලාංකිකයන්ට මෙම ද්විත්ව පුරවැසිභාවය ලබා ගත හැකි බවයි.