Friday, March 29, 2024

General line - 0115112241

වරක් සිදුවුණු නැවත සිදුවෙන්න යන සිංහල-මුස්ලිම් කෝලහාලයක් ගැන බන්දුල හෙළි කරයි (VIDEO)




සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (16) රාත‍්‍රියේ එක්වෙමින්.

සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමෙන් ඊට සහාය දෙන පාර්ශ්ව උත්සහ කරන්නේ සාමකාමී තත්ත්වයක් යටතේ ඉටුකරගත නොහැකි රටට අහිතකර බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේදී එනම්, 1915 දී සිංහල මුස්ලිම් කෝලහාලයක් ඇති වූ බවයි බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ. මෙම මුස්ලිම් සිංහල කෝලහාලය ඇති වූ විට එදා අත්අඩංගුවට පත් වූයේ ඩී.එස් සේනානායක, එෆ්. ආර් සේනානායක, පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල වැනි අය බවත් සඳහන් කළා.

වසර 100 කට පසු අදත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඉතිහාසයේ වරක් සිදු වූ දෙය නැවත නැවත සිදු වෙමින් පවතින බව සමස්ත ජනතාවම අවබෝධ කරගත යුතු බවයි එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ. එය සිදුවීමට ඉඩදිය යුතු නැති බවත් සඳහන් කෙරුණා.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)

එම සාකච්ඡාව පහතින් දැක්වෙයි.