Thursday, April 25, 2024

General line - 0115112241

නාමල් FCID වෙත පැමිණෙයි (UPDATE)




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බවත් වාර්තා වුණා.


නාමල්ට FCID කැඳවීමක්

(Jul 11, 2016 @ 06:13)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද (11) දිනයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.

රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර් ක‍්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක‍්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ තිබුණා.

කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීමටයි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැඳවා ඇත්තේ.

මේ අතර විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකුට අල්ලස් කොමිසම මගින් නිදහසට කරුණු දක්වන ලෙසද දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන්.