Thursday, April 25, 2024

General line - 0115112241

‘විද්‍යා’ ඝාතන පරීක්ෂණවලට පොලිස් ලොක්කෙක්ගෙන් බාධා




යාපනය විද්‍යා දැරියගේ ඝාතන පරීක්ෂණවලට ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පොලිස් අරංචි මාර්ග ප‍්‍රකාශ කළේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණයේ වාර්තාවට අනුව ඉදිරි විමර්ශන සිදු කිරීමට බාධා වන ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා විවිධ බලපෑම් සිදු කරන බවයි.

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා. එහි වාර්තාව මේ වන විට නීතිපති උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

යාපනය පුන්කුඩිතිව් ප‍්‍රදේශයේ ශිෂ්‍යාවක වූ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 09 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.