Friday, April 19, 2024

General line - 0115112241

තිසරගේ සහ ජීවන්ගේ උත්සහාය අපතේ යයි




බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවති තරගයකදී දස්කම් දැක්වීමට බරිසල් බුල්ස් කණ්ඩායම නියෝජනය කළ ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා සමත් වුණා.

කෙසේ වෙතත් එම තරගයෙන් ලකුණු 12ක ජයක් හිමිකර ගත්තේ සචිත‍්‍ර සේනානායක නියෝජනය කළ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස් කළා.

එම ඉලක්කය හඹාගිය බරිසල් බුල්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 163ක් පමණයි.

ජීවන් මෙන්ඩිස් හයේ පහර 3ක් සමගින් ලකුණු 53ක් රැස් කළා. තිසර පෙරේරා ලකුණු 31කට කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා.

01 02