Thursday, April 25, 2024

General line - 0115112241

මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල අන්තවාදය උගන්වනවා දැයි ආණ්ඩුවට සැකයක්




ශී‍්‍ර ලාංකිකයින් 32 ක් සිරියාවේදී අයි එස් සංවිධානය සමග සබදතා පවත්වා ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අයවැය දෙවන වර කියවීමේ 6 වන දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ඔත්තු සේවා කිහිපයක් විදේශ රටවල් තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

මින් ඉදිරියට කිසිදු ආගමික අන්තවාදී කණ්ඩායමකට කි‍්‍රයාත්මකවීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

“අයි.එස් සංවිධානය ගැන විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා.  අපේ රටේ පවුල් හතරකට සම්බන්ධ 32 ක්‍ෙ සිරියාවට ගිහිල්ලා මේ අයි.එස් කටයුතු වල යෙදිලා තියෙනවා.ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.