Thursday, March 28, 2024

General line - 0115112241

මහමෙව්නා රක්ෂිතයේ ගින්න තවත් ඇවිළේ




ඇල්ල පොලිස් වසමේ හල්පේ ප‍්‍රදේශයේ මහමෙව්නා උයන රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර දෙදහසකට හානි සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කෙසේවෙතත් ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නැහැ. ඊයේ (10) පස්වරුවේ හටගත් ගින්න මෙතෙක් සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට හැකිවී නැතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

කුඹල්වෙල භාවනා අසපුව අසළ කැලයට ඇවිලුණු ගින්න හේතුවෙන් භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුව නැතැයිද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන්, ගම්වාසීන්, බදුල්ල බණ්ඩාරවෙල නගර සභා ගිනි නිවන ඒකකයේ නිළධාරින් හා යුද හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.