Saturday, April 20, 2024

General line - 0115112241

දුනියා හිලා දේන්ගේ හම් (VIDEO)




මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු ධුරයට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිඛෙනවා.

ඔහු එම ධුරයට පත්කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු පුහුණුකරු රිකි පොන්ටින් වෙනුවටයි.

රිකී පොන්ටින් අයි පී එල් තරගාවලි 4කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

නව පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල පවසන්නේ මෙය තමන්ට ලැබුණු සතුටුදායක අවස්ථාවක් බවයි.

මෙහිදී ඔහු හින්දි භාෂාවෙන් අදහසක් දක්වා වීඩියෝ පටයක්ද නිකුත් කර තිබූ අතර,එහිදී ඔහු පවසා තිබුණේ “දුනියා හිලා දේන්ගේ හම්” එක්ව ලෝකය වෙනස් කරමු යන්නයි.

මහේල ජයවර්ධන 2008 සිට 2010 දක්වා කලක් ප්‍රීති සින්ටා හිමිකාරීත්වය දරන කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායයමද නියෝජනය කළා.

2011 දී කෝචි ටස්කර්ස් කණ්ඩායමත්, 2012 සිට 2014 දක්වා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙසත් මහේල ජයවර්ධන සිය දායකත්වය ලබාදුන්නා.

ඉකුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් වූ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කළේ මහේල ජයවර්ධනයි.