Friday, April 19, 2024

General line - 0115112241

පිරිවෙන් විහාරයකට වන අලි ප‍්‍රහාරයක් (PHOTOS)




අම්පාර උහන සමනබැද්ද පිරිවෙන් විහාරස්ථානයේ දාන ශාලාව වන අලින් විසින් කඩාදමා තිබෙනවා.

විහාරස්ථානය පිටුපස යොදා ඇති අලි වැට ද කඩාගෙන වන අලින් තුන් දෙනෙකු විහාර පරිශ‍්‍රයට කඩා වැදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

විහාර පරිශ‍්‍රයේ පවත්වාගෙන යන කාබනික ගොවිපලේ වගාවන්ට ද වන අලින් විසින් හානි සිදුකර තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ ද මෙහි වැඩසිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

වන අලි තර්ජන නිසා උන්වහන්සේගේ ජීවිත ද අවදානමට ලක්ව තිබෙනවා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005