Friday, April 26, 2024

General line - 0115112241

හමුදාවෙන් දහතුන් දහසක් ඉවත් වෙයි




සේවයට වාර්තා නොකර සිටින ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප‍්‍රකාශයට පත් කළ පොදු සමා කාලය හෙටින් (12) අවසන් වනවා.

අදාළ කාලය තුළ මේ දක්වා හමුදා සාමාජිකයින් දහතුන්දහස් හයසිය හතලිස් හත් දෙනෙකු  (13647) නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී ඇති බවයි හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ප‍්‍රකාශ කළේ.

යුද හමුදා සාමාජිකයින් දොලොස් දහස් තුන්සිය හතලිස් හතක් (12347), නාවික හමුදා සාමාජිකයන් හත්සිය පනස් හයක් (756) සහ ගුවන් හමුදා සාමාජිකයින් පන්සිය හතලිස් හතරක්ද (544) ඒ අතරට අයත්.