Friday, April 19, 2024

General line - 0115112241

බස් අනතුරකින් 29 කට තුවාල




මහනුවර මඩොල්කැලේ ප‍්‍රදේශයේදී අද (11) පෙරවරුවේ ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් විසිනව (29) දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතරට ළමුන් 06 දෙනෙකු ද ඇතුළත්. කබරගල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

ඒ, බස් රථයේ දුනු කැඩී යාම හේතුවෙන්. අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. ඒ අතරට ළමුන් තිදෙනෙකුද ඇතුළත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.