Saturday, April 20, 2024

General line - 0115112241

සිම්බාබ්වේ – කොදෙව් තරගය ජය දෙපිලටම අහිමි වෙයි




තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19) පැවති තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත්වුණා.

බුලවායෝහි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 257 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 257 ක් පමණයි.

අවසන් පන්දු වාරයේ දී ජයග‍්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායම ලකුණු 4 ක් ලබා ගත යුතුව තිබුණා.

ඉකුත් පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ හයේ පහර හතරක් එල්ල කරමින් එංගලන්තය සතුව තිබූ ජයග‍්‍රහණය කොදෙව්වන් අතට පත් කළ කාර්ලොස් බ‍්‍රාත්වෙයිට් ද කඩුල්ලේ රැදී සිටියා.

අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවේ දී කාර්ලොස් බ‍්‍රාත්වෙයිට් ලකුණු 9 කට දවා ගත් ඩොනල්ඞ් ටිරිපනෝ සිම්බාබ්වේ කණ්ඩායමට ජයග‍්‍රාහී බලාපොරොත්තුවක් ඇති කළා.

අවසන් පන්දුවේ දී ජයග‍්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට අවශ්‍යව තිබුණේ එක් ලකුණක් පමණයි. අවසන් පන්දුවේ දී ලකුණක් ලබා ගැනීමට උත්සහ කළ කොදෙව් කී‍්‍රඩක ජෝනතන් කාර්ටර්, සිම්බාබ්වේ කඩුලු රකින්නා දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමත් සමග තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත්වුණා.

එ් අනුව දෙපිලටම ප‍්‍රසාද ලකුණු හිමිවුණා. තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ ශී‍්‍ර ලංකාව අතර තරගය හෙට (21) පැවැත්වීමට නියමිතයි.