Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්තයට ටෙස්ට් කි‍්‍රකට් ජයක් (PHOTOS)




සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

ක‍්‍රයිස්චර්ච් හිදි පැවති මෙම තරගයේ පළමු ඉනිම සඳහා පාකිස්තාන කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 133ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 200ක්. පාකිස්තාන දෙවන ඉනිම ලකුණු 171කට සීමා වුණා.

ඒ අනුව නවසීලන්තය කණ්ඩායමට හිමි වූ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 105ක්. ඔවුන් දෙවැනි ඉනිමේදී කඩුලු දෙකක් පමණක් දැවී එම සීමාව පසුකර යමින් තරගයේ ජයග‍්‍රහණය වාර්තා වුණා.

මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ නවසීලන්තයේ කොලින් ඩි ග‍්‍රැම්හෝම් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. ඔහු මෙම තරගයේදී කඩුලු 7ක් බිඳ හෙලීමට සමත් වුණා.

255293

CHRISTCHURCH, NEW ZEALAND - NOVEMBER 20:  Jeet Raval of New Zealand bats during day four of the First Test between New Zealand and Pakistan at Hagley Oval on November 20, 2016 in Christchurch, New Zealand.  (Photo by Martin Hunter/Getty Images)

CHRISTCHURCH, NEW ZEALAND - NOVEMBER 20:  Jeet Raval of New Zealand  leaves the field after day four of the First Test between New Zealand and Pakistan at Hagley Oval on November 20, 2016 in Christchurch, New Zealand.  (Photo by Martin Hunter/Getty Images)

The Pakistan and New Zealand (back) teams walk from the field at the end of the first cricket Test match between New Zealand and Pakistan at Hagley Park in Christchurch on November 20, 2016.  / AFP / Marty MELVILLE        (Photo credit should read MARTY MELVILLE/AFP/Getty Images)