Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දීය දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට (VIDEO)




උතුරු දිග ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව සියයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 150කට අධිකයි. සීඝ‍්‍රගාමි දුම්රියක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදුවුණා. ඒ මධ්‍යම ඉන්දියාවේ ඉන්දෝර් සිට පට්නා දක්වා දුම්රිය ධාවනය වෙමින් තිබියදීයි.

එරට වේලාවෙන් අද (20) අලුයම මෙම අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ ගමන් ගත් වැඩි පිරිසක් නින්දෙහි පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් පසු දුම්රිය තුළ සිර වී සිටි මගීන් බේරා ගැනීමේ සහන මෙහෙයුම් අද දවස පුරා සිදු කෙරුණා.

_92566950_india_kanpur_2016 _92567050_036490587-1 _92567382_036492109-1