Saturday, April 20, 2024

General line - 0115112241

කල් ඉකුත් වූ එන්නතක් ලබාදුන් හැටන් වෛද්‍යවරයෙකුට නඩු (PHOTOS)




හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු ලබාදුන් කල් ඉකුත් වූ ප‍්‍රතිජිවක එන්නතක් හේතුවෙන් තිදරු මවක් ආසාත්මික තත්වයෙන් රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ එන්නත ලබාදුන් වෛද්‍යවරයාට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත්වරයා හමුවේ නඩු පවරන බවයි නුවරඑළිය දිස්ති‍්‍රක් ආහාර හා ඖෂධ පාලක සරත් ජයතුංග පැවසුවේ.

මීට අමතරව අදාළ එන්නත අලෙවි කළ බව කියන ඖෂධ අලෙසැලේ හිමිකරුටද එරෙහිව නඩු පවරන බව ඔහු ප‍්‍රකාශ කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගත කළ කාන්තාවන්ගෙන්, ඖෂධහලේ හිමිකරුගෙන් හා අදාළ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඞී.කේ අධිකාරි පැවසුවේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003