Thursday, April 25, 2024

General line - 0115112241

තුඹ කරවිලවලට ඉහළ මිලක්




තුඹ කරවිලවලට වෙළඳපොලේ මේ වනවිට ඉහළ මිලක් පවතිනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුඹ කරවිල කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 350 ක් වැනි තොග මිලකටයි.

දකුණු සහ ඌව පළාත්වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් තුඹ කරවිල තොග ලැබෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අතීතයේ දී කැළෑබද ප‍්‍රදේශ ආශ‍්‍රිතව වැවුණු තුඹ කරවිල, වර්තමානයේ ගොවීන් වගාවක් ලෙස සිදු කරනවා.

කෙසේ වෙතත් තුඹ කරවිල අස්වැන්න ලැබෙන්නේ වර්ෂයකට එක් වතාවක් පමණයි.

dsc04721 dsc04723 dsc04724