Friday, March 29, 2024

General line - 0115112241

බ්ලූ මවුන්ටන් “සිංහසනපුර” ව්‍යාපෘතිය දියත් කරයි




මෙරට ජනතාවගේ ජීවන විලාසිතා සහ අභිලාෂයන් මුදුන්පත් කිරීම වෙනුවෙන් වන තම කැපවීම පෙරදැරිව බ්ලූ මවුන්ටන් සමාගම යක්කල ප්‍රදේශයේ “සිංහසනපුර” නමින් නේවාසික ඉඩම් ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.

නුවර පාරේ සිට කිලෝ මීටර් දෙකක දුරින් එය පිහිටා තිබෙනවා. “නගරයක් තුළ නගරයක්” යන තම දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති වාණිජ සහ නේවාසික බිම් කැබලි වලින් සමන්විත වන අතර, පුළුල් මහාමාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති සහ වෙනත් නාගරික පහසුකම් ඇතුළත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනයක් ද ඊට සහාය දෙමින් ප්‍රදේශය තුළ සිදුවීමට නියමිතය. වැඩ නිමවූ පසු “සිංහසනපුර” ස්වයංපෝෂිත ප්‍රජාවක් වෙසන, කුඩා ඉඩකඩක් තුළ පදිංචිකරුවන් හට සියළු පහසුකම් ලබාදෙන්නා වූ භූමි භාගයක් වනවා නිසැකය.

මෙම ව්‍යාපෘතිය දියත් කරමින් බ්ලූ මවුන්ටන් සමාගමේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි (MBBS කොළඹ සහ MBA ඕස්ට්‍රේලියා) මෙසේ අදහස් දැක්වූවා.

“යක්කල ප්‍රදේශයේ ඉදිවන නේවාසික බිම් කැබැලි 260ක ගෙන් සමන්විත අපේ නවතම “සිංහසනපුර” නේවාසික ඉඩම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ඉතිහාසයේ විශාලතම ඉඩම් ව්‍යාපෘතියක් වනු ඇති බව පොරොන්දුව මට දෙන්න පුළුවන්. ශ්‍රී ලාංකික දේපළ වෙළදාම් අංශයේ සෑම අංශයකම

අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් කැපවී සිටින සමාගමක් ලෙස යක්කල අවට, ප්‍රමිතියෙන් යුතු දැරිය හැකි මිලකට මිලදී ගත හැකි නිවාස ව්‍යාපෘතියක අඩුව අප තේරුම් ගත්තා.

මෙම නව ව්‍යාපෘතිය ව්‍යවසායකයන්, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ මධ්‍යම කළමනාකරුවන් වැනි පහසුවෙන් දැරිය හැකි මිලකට වඩා හොද ජීවන ශෛලියක් අපේක්ෂා කරන මැදි ආදායම් ලබන කොටස් වෙත කදිමට ගැලපෙනවා. මෙම ව්‍යපෘතියේ ආයෝජන අවස්ථා සඳහා පූර්ණ පහසුකම් සැපයීම වෙනුවෙන් ඔවුන්නේ මූල්‍ය අවශ්‍යතාවන්ට ගැලපෙන පහසු ගෙවීමේ සැලසුම් ලබාදීමට අපි සූදානම්.

විශ්වාසදායි දේපළ වෙළඳ සමාගමක් ලෙස බ්ලූ මවුන්ටන් සමාගම තත්ත්වයෙන් ඉහළ නව්‍යකාරක ව්‍යාපෘති හඳුන්වාදීමේ පුරෝගාමි ආයතනයක් ලෙස රටේ ප්‍රකටව සිටිනවා.

ගණුනදනුකරුවන් කේන්ද්‍රකර ගත්තා වූ ශක්තිමත් ප්‍රවේශය තුළ අපේ සෙසු ඉඩම් සංවර්ධන ව්‍යාපෘති මෙන් මෙම ව්‍යාපෘතියත් ඉක්මනින්ම විකිණි අවසන් වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

11_17_2016_01_05