Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ තරගයට යළිත් වැස්ස (UPDATE)




ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හි පැවැත්වෙන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබෙනවා.

මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13 කදී කඩුලු දෙකට ලකුණු 55 ක් රැස්කරගෙන සිටියා.


වැස්ස හරස් වූ ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගය ඇරඹේ

(Nov 21, 2016 @ 13:49)

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටිනවා.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම මදක් ප‍්‍රමාද කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා සිටිනවා.

අද තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ කැඳවා තිබෙනවා. ඒ, නුවන් ප‍්‍රදීප් සහ ශෙහාන් ජයසූරිය වෙනුවටයි.