Thursday, April 25, 2024

General line - 0115112241

සංගා , ප්‍රසන්න වැඩදැම්මත් ඩකා පරාදයි (VIDEO)




බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (2 පැවති තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර සමත් වුණා. ඒ, රාජ්ෂායි කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත් එම තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගත්තේ රාජ්ෂායි කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 182ක් රැස්කළා.

කුමාර් සංගක්කාර පන්දු 46කදී ලකුණු 66යි. සීකුගේ ප‍්‍රසන්න පන්දු 16කදී නොදැවී ලකුණු 34ක් රැස්කළා. ඊට හයේ පහර 3ක් ඇතුළත් වුණා. ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් පමණක් දැවී රාජ්ෂායි කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.