Thursday, April 25, 2024

General line - 0115112241

මිස්බා උල් හක්ට ටෙස්ට් තරග තහනමක්




පාකිස්තානු නායක මිස්බා උල් හක්ට නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය තහනම් කර තිබෙනවා.

ඒ, ඉකුත් දා නවසීලන්තය සමග ක‍්‍රයිස්චර්ස් හිදී පැවති තරගයේ පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්.

ඒ අනුව මිස්බා උල් හක්ට තරග මුදලින් සියයට 40ක දඩයක් ද නියම කර තිබෙනවා.

සෙසු ක‍්‍රීඩකයින්ට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කිරීමටයි තරග තීරකවරයා පියවර ගත්තේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සත්කාරක නවසීලන්තය කඩුලු 8කින් ජයගත්තා. දෙවන ටෙස්ට් තරගය ලබන සිකුරාදා හැමිල්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි.