Friday, April 19, 2024

General line - 0115112241

සුරංග ලක්මාල්ට දඩ




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩකයෙකු වන සුරංග ලක්මාල්ට විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබෙනවා.

මීට පාදක වී ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (21) පැවති තරගයේදී ඔහු විසින් ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයෙකු දිශාවට ආක‍්‍රමණශීලී ලෙස පන්දුව විසි කිරීමයි.

සිම්බාබ්වේ ඉනිමේ දෙවන පන්දු වාරයේදී මෙය සිදුවුණා. පන්දුවට පහරදෙමින් සිටියේ සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෙකු වන චාමු චිබාබායි.

සුරංග ලක්මාල් පන්දු යැවීමේ යෙදී සිටියා. යවන ලද පන්දුවකට පහරක් එල්ල කර චාමු චිබාබා සිය සීමාවේම රැඳී සිටියදී සුරංග ලක්මාල් පන්දුව අහුලාගෙන ඔහු දිශාවට එල්ල කළ බවයි රූප රාමුවල දැක්වෙන්නේ.

නියම කර ඇති දඩය සුරංග ලක්මාල්ගේ තරග ගාස්තුවෙන් සියයට 50ක්.

suranga