Wednesday, April 24, 2024

General line - 0115112241

රිය අනතුරුවලින් මියයන පුද්ගලයන් පිළිබඳව අනාවරණයක්



රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගෙන් බහුතරයක් මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් බව අනාවරණ වී තිබෙනවා.

මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ සඳහන් කළේ රිය අනතුරු හේතුවෙන් වසරකට පවුල් දෙදහසක් පමණ පීඩාවට පත්වන බවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (21) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඉකුත් වසර 10ක කාලය සැසඳීමේදී රිය අනතුරුවල සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර මෙම වැඩසටහනට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සහභාගි වුණා.

මාර්ග සංවර්ධනය සහ රිය අනතුරු සම්බන්ධයෙන් හා රථ වාහන වැරදි 7ක් සම්බන්ධයෙන් වන දඩය වැඩි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එකඟතාව පළ කිරීම පිළිබඳව ද ඔහු එහිදී අදහස් දැක්වූවා.

නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න