Friday, April 19, 2024

General line - 0115112241

ළඟම පාසල හොඳම පාසල කරයි




ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් හත්දහසක වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එක් එක් පළාතට රුපියල් මිලියන 50 සිට 400 දක්වා ප‍්‍රතිපාදන වෙන් කර ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ.

ප‍්‍රධාන ව්‍යාපෘති 04 ක් සහ අනු ව්‍යාපෘති 06 ක් යටතේ මෙම පාසල් සංවර්ධනය කරනු ඇති. මේ යටතේ බස්නාහිර පාසල් 797 ක් උතුරේ පාසල් 646 ක් මධ්‍යම පාසල් 948 ක් වශයෙන් ප‍්‍රතිලාභ ලබනු ඇති.