Friday, April 19, 2024

General line - 0115112241

ලොව පළමුවරට මහ මුහුදේ වීරවරියකට සම්මාන




මුහුදේ දී දැක් වූ අසාමාන්‍ය වීරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර වෙරළ සංවිධානය විසින් පිරිනමන සම්මානය ඉතිහාසයේ පළමු වරට මෙවර කාන්තාවකට හිමි වී තිබෙනවා. ඒ, ඉන්දීය නාවික නිලධාරිණියක වන කපිතාන් රධිකා මෙනන්ටයි.

යාත‍්‍රාව දෝෂයකට ලක්ව බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ දින ගණනාවක් අතරමං වී සිටි ධීවරයින් පස් දෙනෙකු ආරක්ෂිතව බේරා ගැනීමෙන් ඇය විසින් කළ වික‍්‍රමයක් මෙහි දී ඇගයීමට ලක්ව තිබෙනවා. රධිකා මෙනන් මෙම වික‍්‍රමය සිදුකර ඇත්තේ ඉකුත් වසරේ ජූනි මාස 22වනදායි. බේරා ගැනීමේ මෙහෙයුම සිදු කරන අවස්ථාවේ දැඩි සුළඟක් ද පැවත තිබෙනවා. මුහුදේ රළ ද වඩාත් දැඩි වී තිබුණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සම්මාන උළෙල එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වුණා.