Saturday, April 20, 2024

General line - 0115112241

ලිපිකරුවකු මෙහෙයවූ කොල්ල කල්ලියක් ආයුධ එක්කම මාට්ටු




උතුරු පළාතේ ව්‍යාපාරිකයින්ගේ නිවෙස් කොල්ලකා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් කල්ලියක සඟවා තිබූ ආයුධ තොගයක් වව්නියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරියෙකු විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති බවයි.

මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන සිටිනවා. ඔවුන් අතර වාහන ව්‍යාපාරිකයෙකු, සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකු සහ පෙදරේරුවෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

අදාළ ආයුධ තොගය සොයාගෙන ඇත්තේ ද ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුවයි. කඩු, කිණිසි ඇතුළු ආයුධ ඒ අතර වනවා. එම කොල්ල කල්ලිය විසින් ඇතැම් කොල්ලකෑම් සිදු කර තිබුණේ දහවල් කාලයේ යතුරුපැදිවල ගමන් කරමින්. අලූයම් කාලයේ නිවෙස්වලට ඇතුළු වී ආයුධ පෙන්වා නිවැසියන් බිය ගැන්වීමෙන් ද ඇතැම් කොල්ලකෑම් සිදුකර තිබුණා.

vavniya-www-nethnews-lk00001 vavniya-www-nethnews-lk00002 vavniya-www-nethnews-lk00003