Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ජය (UPDATE)




සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (23) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

ඒ තියුණු තරගයකින් අනතුරුවයි. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ඉලක්කය හඹා ආ කොදෙව්වන් අවසන් පන්දුව තෙක්ම සටන් කළත් පන්දුවාර 50 අවසානයේ ඔහුන්ට ලබා ගැනීමට හැකි වූයේ 329 ක් පමණයි.

බුලවායෝ හීදි තරඟය පැවැත්වුණා.


කොදෙව්වන්ට 331 ක ඉලක්කයක්

(Nov 23, 2016 @ 16:30)

ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 50 දී කඩුලු හතක් දැවී ලකුණු 330 ක් රැස්කිරිමට සමත්වුණා.

අගනා ඉනිම් ක්‍රිඩාකළ නවක ක්‍රීඩකයන් වූ ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

 


දික්වැල්ල පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කරයි

(Nov 23, 2016 @ 14:27)

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් පිතිකරු නිරෝෂන් දික්වැල්ල සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (23) සමත් වුණා.

ඒ, සිම්බාබ්වේ හි දැන් පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි එක්දින ක‍්‍රිකට් තරගයේදීයි.

පන්දු 51 ක් තුළ ඔහු රැස්කළ එම අර්ධ ශතකයට හතරේ 5 ක් සහ හයේ පහරක් ඇතුළත් වුණා.

සිම්බාබ්වේ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන 4 වන තරගය මෙයයි.

මීට පෙර සහභාගී වූ තරග තුනෙන් ශ‍්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජය ගත්තා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින්. ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මීට පෙර පැවති තරගයේ දී ශ‍්‍රී ලංකාවට සිදු වූයේ පරාජයේ අමිහිරි අත්දැකීම් ලැබීමටයි.