Friday, April 19, 2024

General line - 0115112241

දික්වැල්ලයි – කුසලුයි 100 පෙනි පෙනී පිටියෙන් යයි




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළා. ඊට පෙර ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ද අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 94 ක් ලබා සිටියදී දැවී ගියේ සිය මංගල ශතකය ආසන්නයට පැමිණෙමින්. කුසල් මෙන්ඩිස්ද දැවී ගියේ ලකුණු 94 ක් ලබා සිටියදීයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 260ක් රැස්කරගෙන සිටියා.