Friday, March 29, 2024

General line - 0115112241

‘‘ඩයලොග් රිදී රැයක් 2016’’ සියල්ල සූදානමින්




ඩයලොග් ආසියාටා සමාගම සිනෙස්ටා පදනම සමග එක්ව සංවිධාන කරන ‘‘ඩයලොග් රිදී රැයක් 2016’’ ප‍්‍රසංගය ලබන දෙසැම්බර් මස 18 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා.

කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රිදී රැයක් ප‍්‍රසංගය සඳහා ඩයලොග් අනුග‍්‍රහය දක්වන දෙවන අවස්ථාව ද මෙයයි.

ඩයලොග් ආසියාටා සමාගමේ  වෙළෙඳ නාම සහ මාධ්‍ය, සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක සඳහන් කළේ සිය සමාගම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් වරින් වර සංවිධානය කරන බවයි.

‘‘ඩයලොග් රිදී රැයක් 2016’’ ප‍්‍රසංගය පිළිබඳ ඊයේ (23) පැවති පූර්ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.