Saturday, April 20, 2024

General line - 0115112241

වයස අවුරුදු 5යි..ගහන්නේ 14න් පහළ – සචින්ගේ මග යන ‘ඉන්දියාවම කැළඹූ සුපිරි පොඩ්ඩා‘ (VIDEO)



වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට පස් හැවිරිදි දරුවෙකු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හා ප්‍රවෘත්තියක් ඉන්දියාවේ මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවල මේ වන විට වේගයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

රුද්‍ර ප්‍රතාප් නම් පස්වැනි වියේ පසුවන මෙම දරුවා තමාට වඩා තෙගුණයක් වයසින් වැඩි ක්‍රීඩකයින් සමගින් කරට කර ක්‍රීඩා කරන අන්දම මෙම වීඩියෝවේ දැක්වෙනවා.

මෙය ඉන්දියාවේ දිල්ලිහිදි පැවති තරඟයක් බවයි වාර්තාවන්නේ.

මොහු ක්‍රීඩා කරන අන්දම සචින් ටෙන්ඩුල්කාර්ට බොහෝ සෙයින් සමාන වන බවයි වීඩියෝව නැරඹූ බොහෝ දෙනා අදහස් පලකර තිබුණේ.

එම වීඩියෝව පහතින් නරඹන්න..